පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා.
මැතිවරණ කොමිෂන් සභාව
මැතිවරණ නිහඬ කාලය තුළ තම ආධාරකරුවන් ප්රචාරක කටයුතුවලට පෙළඹවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ පැවසුවේ, තම ප්‍රකාශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදහස් නොකළ බවයි.
එමෙන්ම තමන් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇත්නම් මැතිවරණ කොමිසමට ඊට අදාළ නීතිමය පියවර ගත හැකි බවත් ඇය එහිදී අවධාරණය කළා.
2025 පළාත් පාලන මැතිවරණය අද (06) පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද පෙරවරු 07.00ට ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිත අතර එය පස්වරු 04.00ට අවසන් වීමට නියමිත බවයි.
එමෙන්ම මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණයේ ආරක්ෂාක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000ක් රාජකාරියේ යොදවා ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂ 25,000ක් යොදවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණෙන බව ද ඔහු කියා සිටියේය.
අද (03) මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිය අනුව තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් කළ යුතු වනවා.
අද මැදියම් රැයේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සලකනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (12) මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බවයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයෙන් (11) අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වනවා.
රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පසුගිය 4,5 සහ 6 යන දින ලබා දී තිබූ අතර එම දින තුනේදීම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද (12) ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින දෙක මැතිවරණ කොමිසම ලබාදුනා.
ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේ ද තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර ඔවුන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 08 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.
ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ද ඊයේ පියවර ගනු ලැබුවා.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ එළිදැක්වුණා.
අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර දී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබුවා.
එය නම් කර තිබුණේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමින්.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා 90 බැඟින් ඇතුළත් වෙන්කර ඇති පැකට් හෙට (26) තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 03 වනදා ඇරඹෙන අතර සැප්තැම්බර් 08 විශේෂ දිනයක් සේ සලකා එම බෙදාහැරීම් කටයුතු සිදු කෙරෙනු ඇති.
මෙම කටයුතු හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළා.