ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදීමට නියමිතයි.
මේ අතර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ‘ලන්තෑරුම’ ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරග වදිනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසිනුයි ඔවුන් දෙදෙනාට මෙම ලකුණු ලබා දී ඇත්තේ.
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකෙරුණා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරුණු බවයි.
එමෙන්ම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබූ අතර එම කාලය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඒ අනුව, 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.
මේ අතර, මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති ආචාරධර්ම අනුව ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලයි.
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදු කෙරෙනවා.
අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
ඒ කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය.
මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන් ද ආගමික වතාවත් සිදු කොට ආශිර්වාද පළ කළහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ මැති ඇමතිවරුන් රැසක් ද, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන දේශපාලන පක්ෂ හා සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්වයි මෙලෙස පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී ඇත්තේ.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරනු ඇති.
අනුර ප්‍රියදර්ශන යාපා මෙම සන්ධානයේ නායකත්වය දරනු ලබනවා.
මෙම සන්ධානයේ මහ ලේකම් ධුරය ලසන්ත අලගියවන්න හා භාණ්ඩාගාරික ධුරය චාමර සම්පත් විසින් දරනු ලබනවා.
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 04 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ.
මේ අතර සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 05 සහ 06 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර තිබෙනවා.
මේ වනවිට 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් 17 දෙනෙකු ඊට අයත් බවයි.
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26 වැනිදා ආරම්භ වුණා.
කෙසේනමුත් ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) මධ්‍යාහ්න 12ට අවසන් වූ අතර 2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කිරීමට නියමිතයි.
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් (14) අවසන් වනවා.
ඒ අනුව හෙට පස්වරු 12.00 න් පසුව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වනු ඇති.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙය වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂකයන් 32ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි.
සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
වෙනත් දේශපාලන පක්ෂ 01 සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වනවා.