අද (03) මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිය අනුව තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් කළ යුතු වනවා.
අද මැදියම් රැයේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සලකනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මැතිවරණ කොමිසම
මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් මේ හේතුවෙන් මැතිවරණ කාල සීමාවේදී විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය සඳහා යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල සදහන් කළාය.
සමාජ මාධ්‍ය නියාමනයේදී මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන උපදෙස් සහ නියෝගවලට අනුකූල නොවෙනවා නම් ඒ ගොල්ලන්ගෙන් සම්මුතීන්වලින් ඔබ්බට ගොස් අපිට සහයෝගය දක්වන්න ඒ ගොල්ලෝ කැමැත්ත පළ කර තිබෙන බවද සදහන් කරයි.
“අපි විශේෂ අවධානයක් ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කියන සමාජ මාධ්‍යවලට යොමු කරලා තියනවා. අපි ඒ ආයතන සමග සෘජුව සම්බන්ධ වෙලා තියනවා. සමාජ මාධ්‍ය නියාමනයේදී අපි විසින් නිකුත් කරන උපදෙස් සහ නියෝගවලට අනුකූල නොවෙනවා නම් ඒ ගොල්ලන්ගෙන් සම්මුතීන්වලින් ඔබ්බට ගිහිල්ලා අපිට සහයෝගය දක්වන්න ඒ ගොල්ලෝ කැමැත්ත පළ කරලා තියනවා.”
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතු බවයි.
ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදමන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසනවා.