පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (06) පස්වරු 04.00ට අවසන් වුණා.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සිදුකෙරුණා.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කර ඇති අතර මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා
ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණ රාජකාරි
2025 පළාත් පාලන මැතිවරණය අද (06) පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද පෙරවරු 07.00ට ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිත අතර එය පස්වරු 04.00ට අවසන් වීමට නියමිත බවයි.
එමෙන්ම මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණයේ ආරක්ෂාක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000ක් රාජකාරියේ යොදවා ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂ 25,000ක් යොදවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණෙන බව ද ඔහු කියා සිටියේය.
දිවයින පුරා මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් 50,000ක් යොදවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.