හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබෙනවා.
ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව ඇත්තේ.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත ප්‍රකාශය ලබා දී තිබෙනවා.
කෙසේනමුත් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
Tag:
රනිල් වික්‍රමසිංහ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 සිට 2024 දක්වා කාලය තුළ විදේශ සංචාර 23 ක් සඳහා රුපියල් බිලියන 1.27 ක මුළු වියදමක් දරා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 2022 දී විදේශ සංචාර 4 ක්, 2023 දී 14 ක් සහ 2024 දී තවත් විදේශ සංචාර 5 ක් සිදු කර ඇති බවයි.
එමෙන්ම 2022 දී විදේශ සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 63 දෙනෙක්, 2023 දී මුළු රාජ්‍ය නිලධාරීන් 252 ක් සහ 2024 දී සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 111 ක් සහභාගී වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේනමුත් ඉන් විදේශ සංචාර 19ක් සඳහා රුපියල් මිලියන 19.8ක් වැය වී ඇති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගී නොවූ නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් නියෝජනය කර ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අනාවරණය කළේය.