ආර්ථිකය සම්බන්ධයෙන් ගෙනයන වැඩපිළිවල සහ ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
Tag:
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 8කට ආසන්න වියදමක් ඇස්තමේන්තු කර ඇති අතර 2024 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන 10ක්.
ඒ අනුව ජනාධිපතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු, ආරක්ෂක, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේනමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තු ගත වියදම වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.