රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (24) රාත්‍රියේ රුසියාව විසින් එල්ල කළ මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වුවත් රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Tag:
රුසියාව
රුසියාව විසින් ‘නේටෝ’ සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා පුහුණු කළ බව කියන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නෝර්වේ රාජ්‍යයේ, නිරිත දෙසින් පිහිටි ‘රිසාවිකා’ නමැති වෙරළාශිත නගරයට ඔබ්බෙන් මුහුදෙන් ‘ව්ලැදිමීර්’ යන නමින් හැඳින්වුණු මෙම බෙලූගා තල්මසාගේ සිරුර හමු වී ඇති බවයි.
නෝර්වේ බලධාරීන් විසින් තල්මසාගේ සිරුර මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන ගොස් තිබෙනවා.
කෙසේනමුත් තල්මසාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම තල්මසා මිනිසුන්ට හීලෑ සත්වයෙක් වන අතර පසුගිය වසර ගණනාව මුළුල්ලේ අවස්ථා කීපයකදී, යුරෝපා රටවලට ඔබ්බෙන් මුහුදේ දී මෙම තල්මසා කරපටියක් ද සමඟින් නාවිකයන්ට හමුවී තිබෙනවා.
කෙසේවෙතත් ඔත්තු බැලීමට මෙම තල්මසා යොදා ගත් බවට එල්ල වන චෝදනා රුසියන් ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ විසින් තහවුරු කර නැහැ.