මාසික මිල සූත්රයට අනුව මෙම මාසයේ දී ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි වී ඇති නමුත් පෙර ආනයනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව ජූලි මස සිට අලෙවි වූ මිල ගණන් යටතේ ලිට්රෝ ගෑස් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව මේ වනවිට කිලෝ ග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 3690කටයි.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482කට අලෙවි කෙරෙනවා.
එමෙන්ම කිලෝ ග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්.