මෙරට නිල විදේශ සංචිත වත්කම් ප්රමාණය ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙරට නිල විදේශ සංචිත වත්කම් ප්රමාණය පසුගිය 2024 ජූනි මාසය තුළ දී 4.3% කින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව 2024 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්රමාණය 2024 ජූනි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.