මීට සුළු මොහොතකට පෙර මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළදීයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Tag:
වෙඩි තැබීම
පසුගිය 08 වැනිදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදීමෙන් ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.
මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ ඇය මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ නැගණියගේද තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු 06 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.