මෙරට සංචාරයක නිරත වී සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී තිබෙනවා.
මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ (07) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සහ අනාගත සහයෝගීතාවය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිරත වී ඇති අතර අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකු සභාපතිවරයා වෙත පවසා ඇත්තේ සියලු දෙනා ඇතුළත් වන සංවර්ධන ඉලක්ක, ආර්ථික ස්ථාවරත්වය සහ රජය දිගු කාලීන වැඩපිළිවෙලක ගමන් කරමින් සිටින බවයි.
එහි එක් වැදගත් අංගයක් ලෙස මෙවැනි ගෝලීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇත්තේ.
තවද ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඔහු ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍යාධාරයක් ලබාදෙන බව පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.
ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ආරක්ෂක හේතූන් මත බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දු – පකිස්තාන යුද ගැටුම් සමඟ අද (08) උදැසන පාකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා වී ඇති බවයි.
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්රය ඇතුළු කෙටිකාලීව ප්රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) යන මහත්වරුද මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං හමු වී තිබෙනවා.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. තවද එහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
සාමයේ පණිවිඩය රැගෙන ශ්‍රී ලංකාව වටා කිලෝ මීටර් 1500ක දුරක් පාගමනින් ගිය ශහීම් ෂහීඩ් නම් තරුණයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා.
ඒ ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ මාර්ග දිගේ 1500ඛ්ම් පාගමන දවස් 45කින් අවසන් කළ මේ තරුණයා පසුගියදා සිය ගමනාන්තය බේරුවලින් අවසන් කළා.
ඔහුගේ මෙම ගමනේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාව යනු සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීමට සුදුසු රටක් බව ලෝකයට පෙන්වීමයි.
ශ්‍රී ලංකාව අද වන විට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි රටක් ලෙස පත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කැස්බෑව ආසනයේ ප්‍රජාශාලා නවීකරණය කර ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
පසුගිය කාලයේ ලෝකයේ රටවල් අපේ රට සමග ගණුදෙනු නොකළ ද අද වන විට එම තත්ත්වය වෙනස් කිරීමට හැකිවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණය හිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ජාත්‍යන්තර ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණීම විශේෂත්වයක්.
ඒ අනුව ඊයේ (03) ජාත්‍යන්තර බැඳුම්කරවල 28%ක නාමික අඩු කිරීමකට ණයහිමියන් එකඟ වී තිබෙනවා.
මෙම එකඟතාවය යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.