ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (02) ජනගත කිරීමට නියමිතයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත ඊයේ (30) දහවල් සුබ මොහොතින් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබුවා.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදය සම්බන්ධයෙන් කළ ආරධනාව තමන් පිළිගන්නා බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
පැෆරල් සංවිධානයේ අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
එම ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයක් පැවැත්වීමට ඔබ සංවිධානය විසින් කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව මෙයින් දන්වමි.
දියුණු ප්‍රජාතාන්ත්‍රික සමාජයක තිබිය යුතු මෙවැනි විවාදයක් පැවැත්වීමට ඔබ ගන්නා ප්රගතිශීලී උත්සාහය අගය කරමි. අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති සංසන්දනාත්මකව විමසා බැලීමේ හැකියාව එමගින් ජනරජයේ ජනතාවට හිමි වනු ඇත.
තාර්කික සහ මත පදනම් වූ හරබර විවාදයක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
විවාදය පැවැත්වෙන වේලාව, දිනය, ස්ථානය සහ ආකෘතිය මාගේ කාර්ය මණ්ඩලය වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් තීරණය කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන අතර ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකරට එම තනතුර අහිමිවීමත් සමග සාරතී දුෂ්මන්ත පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණා.
කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී ඇති ඔවුන් දෙදෙනා සිය සහාය ලබාදෙන බව දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවයි ඔහු කියා සිටියේ.
පරදින බව දැන දැන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට ඊයේ (19) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගේන්න, පොහොට්ටුව හදන්න තමා රට වටේ ගිය බවත් තමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඔහු එහිදී අවධාරණය කළා.
“2015 දී මහින්ද මහත්තයා පැරදුනාම අපේ පක්ෂයේ තනතුරුලාභීන් මහින්ද මහත්තයා අතහැරලා ගියා. ඒ වේලාවේ එකම ධූරධාරියා ලෙස මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා. එතුමා යුද්ධය අවසන් කළ නිසා යුතුකම් ඉටු කරන්න ඕනි නිසා අපි ඒ දේ කළා. අපිට හැමදාම වැරදුන තැන් තිබුණා. අපි විපක්ෂයේ ඉන්නකොට සියළු දෙනා එකට එකතු වී කටයුතු කළා. බලයට ආවම ඒ දේ නැති වෙනවා. මහින්ද මහත්තයා බලයට ගේන්න පොහොට්ටුව හදන්න මම රට වටේ ගිය කෙනෙක්. 2019 ජනාධිපතිවරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් මම. එතුමා තරඟ කරන්න බැහැයි කියද්දිත් පවුලේ සියළු දෙනා එකතු වෙලා කතා කරා ගෝඨාභය මහත්තයා දාමු කියලා. ඒ වෙලාවෙත් අපි ඒකට එකඟ වුණා. අපි එතුමාව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන්පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා. අපි බලය පිහිටුවලා කටයුතු කරන්න පුළුවන් වුණේ අවුරුදු දෙකයි. අපේ නායකයෝ අපිව දාලා ගියා. 2019 දී ජනාධිපති වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති වුණේ මහින්ද රාජපක්ෂ මහතා, මුදල් ඇමති වුණේ බැසිල් රාජපක්ෂ මහතා, චමල් මහත්තයයි නාමල් මහත්තයයි දෙන්නම ඒ කැබිනට් එකේ හිටියා. මමත් හිටියා. පොහොර ප්රශ්නය එනකොට ඒකට අපි කතා කරනකොට අපේ මතයට ගරු කළේ නෑ. ඒ අයගේ මතයට වැඩ කළා. අපි පොහොට්ටුව නියෝජනය කරන්නේ සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය එක්කයි. අපිට ගොවීන්, ගුරුවරු, කම්කරුවෝ ටික නැති වුණා. මිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා ගැටළුවක් තියෙනවා.”
2015 රට සංවර්ධනය නතර වූ තැනින් ඉදිරියට රැගෙන යන බවත් මැතිවරණ කාලයේ වාසි ලබා ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලනය නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19) පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මත්රීවරයා කියා සිටියේ රටේ ජනතාවට පිළිගත හැකි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අතර රටේ අනාගතය සුරක්ෂිත කරන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන බවයි.
මැතිවරණ සමයේ වාසි ලබාගැනීම වෙනුවෙන් බොරු කියන එක හොඳ නැති බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අද (19) කැලණිය රජ මහා විහාරය වැඳ පුදා ගත්තා.
සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ආශිර්වාද ලබා ගැනීම සඳහායි ඔවුන් මෙලෙස කැලණි විහාරයට පැමිණ ඇත්තේ.
ආගමික වතාවත්වල නිරත වූ නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අනතුරුව විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටිය මහින්ද සංඝ රක්කිත හිමියන් බැහැදුටුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ අද (07) නම් කළා.
අද (07) පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවති උත්සයකශී නාමල් රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් සහභාගී වී සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
ඒ අනුව හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නා.
පුරප්පාඩු වූ කාරක සභා ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පත් කර තිබෙනවා.