ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 දෙනාගෙන් 79 ක් රැස්වීමට එක්ව සිටියා.
එහිදී ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවට සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු විරුද්ධ වුණා.
පොහොට්ටුව විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා රටේ ණය ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නොමැති බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
පොහොට්ටුවේ අපේක්ෂකයා සුදුසු වෙලාවට නම් කරන බවත් අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිපදෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.