අධිකරණය විසින් තමාට නියම කළ සිර දඬුවමට එරෙහිව හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට සිර දඬුවම් නියම වුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණයෙන් තමාට නියම කළ වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිවයි.
2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් නීත්‍යානූකූල නොවන ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් කළ බවට වන චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම සිර දඬුවම නියම වුණා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කර තිබෙනවා.
ඒ අනුව ඔහු එම වන්දි මුදල වාරික 08ක් යටතේ පසුගිය අගෝස්තු මස 30 වැනිදා ගෙවා නිම කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු පසුගිය අගෝස්තු 16 වැනිදා ගෙවා අවසන් කර තිබුණා.