මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැත්තාගේ පුතා වන නදීන් බාසික් නැමැත්තා අද (28) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ශිරාන් බාසික් හැඳින්වෙන්නේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙසයි.
ඔහුගේ පුත්‍රයා පසුගිය පෙබරවාරි මස 16 වැනිදා වැල්ලවත්ත නිවාස සංකීර්ණයක සිදු කළ වැටලීමකදී රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියා.