සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.
එම මුදල උපයා ඇත්තේ මේ වසරේ ගෙවී ගිය මාස අටක කාලය තුළයි.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවෙ දැක්වෙන්නේ.
එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා තිබීම විශේෂත්වයක්.