රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මැයි 12, 13 හා 14 යන තෙදින තුළ දිවයිනේ පිහිටි සියලු සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි.
මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර සුපිරි වෙළෙඳසැල්වල ද මස් මාංශ අලෙවි කිරීම ද තහනම් වනවා.
Tag:
සුරාසැල්
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (06) සිට ලබන 22 වනිදා දක්වා දින 17ක් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය හේතුවෙනුයි මෙලෙස සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇත්තේ.