හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කර තිබෙනවා.
ඒ අනුව ඔහු එම වන්දි මුදල වාරික 08ක් යටතේ පසුගිය අගෝස්තු මස 30 වැනිදා ගෙවා නිම කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු පසුගිය අගෝස්තු 16 වැනිදා ගෙවා අවසන් කර තිබුණා.