වැල්ලවාය – තණමල්විල ප්රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා තණමල්විල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
accident
A tractor driver was injured when an ambulance transporting a critically ill patient collided with a tractor loaded with paddy in the Paranthan area of Kilinochchi.
The accident occurred while the ambulance was transferring the patient from Mulangavil Hospital to Kilinochchi Hospital. Both the tractor driver and the patient in the ambulance were admitted to the hospital following the collision.
The ambulance sustained significant damage, with one side completely destroyed, according to police reports.
Kilinochchi Police are conducting an investigation into the incident, while Kilinochchi Health Authorities have launched a separate inquiry into the actions of the ambulance driver.
මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන ඉන්ධන දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ප්රමාදයන් වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දිවුලපිටිය – මීගමුව මාර්ගයේ දූනගහ හන්දියේදී සිදුවූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව දිවුලපිටිය පොලිසිය පවසනවා.
ටිපර් රථයක් සහ ත්රීරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්රීරෝද රියෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වන්නේ.
අද (15) උදෑසන 8.30ට පමණ දිවුලපිටිය සිට මීගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක් ගොඩිගමුව ප්රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තවත් එක් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ත්රීරෝද රථ රියදුරුගේ නොසැලකිලිමත් නිසා මෙම අනතුර සිදුව ඇති බව දිවුලපිටිය පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් අද (21) අලුයම පිළිමතලාව නගරයට ආසන්න ප්රදේශයකදී අනතුරකට ලක්ව තිබෙනවා.
නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම වෑන් රථය, අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් 7 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
හලාවත – කොළඹ මාර්ගයේ අද (04) පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තීබන්වා.
මාදම්පේ, ගලහිටියාව ප්රදේශයේදී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බස් රථයේ ගමන් ගත් මගීන් 25 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මාදම්පේ පොලීසිය පැවසුවේ තුවාල ලැබූ මගීඉන් ප්රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි.