2025 ජනවාරි මස සිට සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා 24%කින්ද අනෙක් තනතුරු සඳහා 24% සිට 50% දක්වා මූලික වැටුප වැඩිවන බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.
එම වැටුප් වැඩි කිරීමේදී සුදුසුකම්, පළපුරුද්ද සහ ඔහු වර්තමානයේ සිදුකරන කාර්යය සලකා බලන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.