ආසියානු කලාපයේ පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
LF. 7 සහ XFG යන අනු ප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවයි එම ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.
කෙසේනමුත් ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවත් මේ හේතුවෙන් කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත්ය.
අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Tag:
covid 19
නව කොවිඩ් 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරීම වැඩි කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙස රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.
නව කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත්, සීමාවන් පැනවීම සිදු නොකරන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.