වඳුරු උණ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල සීඝ්රයෙන් පැතිර යන වඳුරු උණ හේතුවෙන් මෙම ගෝලීය වසංගත තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවයි.
වඳුරු උණ නිසා මේ වනවිට ආසන්න වශයෙන් පුද්ගලයින් 450කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.
ලිංගික සබඳතා මගින්, ස්පර්ශය මගින්, වෙනත් පුද්ගලයෙකු සමග සමීප සබඳතා පැවැත්වීම මගින් වඳුරු උණ සම්ප්‍රේෂණය වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
එය උණ, වේදනාකාරී කැක්කුම්, හිසරදය, මාංශ පේශි වේදනාව, අඩු ශක්තිය සහ වසා ගැටිති විශාල වීම වැනි රෝග ලක්ෂණ මෙම රෝගයේදී පෙන්නුම් කරන අතර එමගින් ඇති වන සමේ තුවාල ඇති වීමෙන් මාරාන්තික තත්ත්වයට පත්වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ.