ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සුභදායක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිට අත්කරගෙන ඇති ජයග්‍රහණ මත පදනම්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.