මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස තුනක කාලය තුළ මෙම බරවාහන රියදුරු බලපත්‍ර අවලංගු කෙරෙනු ඇති.
මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීම යටතේ මෙම තීරණය ගත් බවත් මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර ලක්ෂ තුනක ප්‍රමාණයක් ද ඉදිරි මාස කිහිපය ඇතුළත මුද්‍රණය කර අවසන් කරන බවත්ය.