2024 ඔක්තෝම්බර් මාසයේ සිට නව විශේෂාංග සහිත විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික සඳහා විවිධ වර්ණ තුනකින් යුතු නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට නියමිතයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්රමුඛ මහජන එක්සත් පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා.
මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (01) රැස්වුණේ ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම හා කටයුතු කරන ආකාරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහායි.
එහිදී ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළ යුතු බවයි.
2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වූ ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීම නිවැරදි බව ද මේ වන විට තහවුරු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාවරයා එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව ද සඳහන් කළේය.
ආයෝජන මණ්ඩලය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත මෙම වසරේ ලබාදී ඇති ආයෝජන ඉලක්කය ඩොලර් බිලියන එකක් වනවා. මේ වන විට ඩොලර් මිලියන 800ක ආයෝජන රටට පැමිණ තිබෙනවා. නමුත් මේ වසරේ අවසානය වන විට අප ඩොලර් බිලියන දෙකක ඉලක්කයක් සඳහා ගමන් කළ හැකි බවට අප විශ්වාස කරනවා. 2024 වර්ෂය වෙනුවෙන් ව්‍යාපෘති 35ක් සඳහා ත්‍රිකුණාමලය, පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රදේශ රැසක ආයෝජන අවස්ථා ඇති කර තිබෙනවා. නමුත් මැතිවරණය ආරම්භ වීම නිසා ආයෝජනවල යම් අඩුවක් සිදුවිය හැකි බව අප විශ්වාස කරනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි.
ඒ වගේම නව ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක වීමෙන් පසුව ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ආර්ථික කොමිසම හරහා බව සඳහන් කළ යුතුයි. එහි සාමාජිකයන් විසින් ඊට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමට නියමිතයි. ඒ වගේම ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම ඉතා කෙටි කලකින් සිදු කරන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.
අප විසින් අලුතින් ආරම්භ කළ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (Office of International Trade) මඟින් නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා බදු රහිතව අපනයන ඉහළ නැංවීම සඳහා අවස්ථාව හිමිවන බව ද සඳහන් කළ යුතුයි.
ඒ වගේම පෝට්සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80%ක් අවසන් කර තිබෙනවා. ඒ වෙත ජල විදුලිය සැපයීම මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ව්‍යාපාර උපායමාර්ගික වැදගත්කම (ඹුසිනෙස්ස් ස්ට්රටෙගිc ඓම්පොර්ටන්cඒ පනත යටතේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා අයදුම්කරුවන් විසින් තම ව්‍යාපෘති වාර්තාව පෝට්සිටි කොමිසම වෙත ලබාදිය යුතු වනවා. මේ වන විට ඹ්Sඓ විස්සකට අධික ප්‍රමාණයක් අප විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. තවත් ඹ්Sඓ පනහක් පමණ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තවද මේ මොහොතේ ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිනවා. දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බව සිහිපත් කළ යුතුයි. මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බව ග්‍රීසිය සහ ලෙබනනය ඇතුළු වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වනවා.
මීට වසර දෙකකට පෙර වැටුණු රට ගොඩ ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. එහිදී අපේ යෝජනාව වුණේ දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඒ සඳහා ඔහුට අවස්ථාව ලාබාදිය යුතු බවයි. අපි ඒ බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා සිටියා. එම තෝරා පත්කර ගැනීම නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම මේ මොහොතේ යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව සඳහන් කළ යුතුයි.
ශ්‍රී ලංකාව අද වන විට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි රටක් ලෙස පත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කැස්බෑව ආසනයේ ප්‍රජාශාලා නවීකරණය කර ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
පසුගිය කාලයේ ලෝකයේ රටවල් අපේ රට සමග ගණුදෙනු නොකළ ද අද වන විට එම තත්ත්වය වෙනස් කිරීමට හැකිවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
දේශීය වෙළදපොළේ බිත්තර මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා යළි බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් ඉලක්ක කර ගනිමින් වෙළෙදපොලේ බිත්තර මිල ස්ථායීව පවත්වාගෙන යාම සදහා බිත්තර ආනයනය කළ යුතු බවට යෝජනා කර තිබුණා.
ඒ අනුව වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.