එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.
news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 දෙනාගෙන් 79 ක් රැස්වීමට එක්ව සිටියා.
එහිදී ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවට සාමාජිකයින්ගෙන් 11 දෙනෙකු විරුද්ධ වුණා.
පොහොට්ටුව විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28) හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසූ ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බව කියා සිටියා.
2024 ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (28) සමත් වුණා.
ඒ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.
ඉන් අනතුරුව ලකුණු 166ක ඉලක්කයක් හඹා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යාමට පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 167ක් ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් සමගින් ලකුණු 61ක් රැස් කළා.
තරගයේ වීරවරිය වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයක් ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඊයේ (24) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී සිදු කළ පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුරදී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙනුයි ඔහුට මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක සංචිතයට ආදේශ කිරීමටයි කටයුතු කළ බවයි.
පසුගිය වසර දෙක පුරා පොහොට්ටුව ජනාධිපතිවරයාට උදව් කළ නමුත් ජනාධිපතිවරයා ඊට කෘතගුණ සැලකීමක් ලෙස පොහොට්ටුව දෙකඩ කළ බව නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (25) නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.
එහිදිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී පක්ෂය නිවැරදි දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ යනු පුරුද්දක් ලෙස පක්ෂ කඩන දේශපාලකයෙක් බවත්, ඔහුට සහය දීමට තීරණය කළ අවස්ථාවේත් ඔහුගේ මේ පුරුද්ද පිළිබඳ පොහොට්ටුව හොඳ අවබෝධයකින් සිටි බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.
ගාල්ල මුහුදු තීරයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ගාල්ල, සමුද්‍ර මාවත අසළ මුහුදේ පාවෙමින් තිබියදී අද (25) පස්වරුවේ මෙම කාන්තා මළ සිරුර හමු වූ බවයි.
මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර මියගොස් සිටින කාන්තාව වයස අවුරුදු 40 – 45ක් පමණ වන අයෙක් බවටයි පොලීසිය අනුමාන කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් අද (25) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය නිකුත් කළේය.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කිරීමට නියමිතයි.