අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මිටියකින් ගසා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසු වූ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා එම ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔහු විවාහක කාන්තාවගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදී කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් නිවසේ සැඟව සිට මිටියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඊයේ (27) රාත්‍රියේ වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබුණා.
ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.