මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.
ආචාර්ය හරිනි අමරසූරියට අග්‍රාමාත්‍ය ධුරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය, ආයෝජන අමාත්‍ය ධුරද පවරා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙස හරිනි අමරසූරිය අද ඉතිහාසයට එක් වුණා.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර සිය විෂය පථය තුළ ඇගයිය යුතු මට්ටමේ පර්යේෂණ රාශියක් ද සිදු කළ කාන්තාවක් වීම විශේෂත්වයක්.