කවුරු අධිකරණයට ගිය ද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (ජූලි 6) පැවසීය.
අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බවට ඇතැම් අය ප්‍රකාශ කරන නමුත් රජය පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට දැනට තීරණය කර තිබෙන බව ද හෙතෙම කීය.
හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන් ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය නිවසේ පැවති අවමංගල්‍ය උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.
13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් පොලිස් බලතල නොමැතිව අනෙක් බලතල ගණනාවක් මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරු සමග සාකච්ඡා කරන බව ද ජනාධිපතිවරයා කීය.