තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදු කළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දැරියට සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනා මත කොළඹ ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.