පසුගිය දා පර්ලිමේන්තුවෙදී සජිත් ප්‍රෙමදාස විපක්ශ නායකවරයා සහ්දන් කල උපාධි සහතික සභාගත නොකිරීම ගැන ලොකු කතාබහක් ඇතිවුනා.නමුත් පසු දින ඔහු එම සහතික සභාගත කලා.එහි සඳහන්ව තිබුනේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඔහුට ප්‍රධානය කර තිබුනේ Aegrotat උපධියක් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවයි ඔහු කියා සිටියේ.
වත්මන් පාලනය මෙරට රණවිරුවන්ව විවිධ අවස්ථාවල දී ඉතාමත්ම නින්දා සහගතව පාවා දී ඇති බවත් මිලේනියම් සිටි සිදුවීම ඊට කදිම නිදසුනක් බවත් ඒ තුළින් බුද්ධි අංශයේ සාමාජිකයන් අගතියට පත් වූ බවත් දරුණුතම පසුබෑමකට ලක් වූ බවත් එවැනි ඉතිහාසයක් ඇති පුද්ගලයකුට රටේ රණවිරුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ඉටු විය යුතු සාධාරණත්වය අපේක්ෂා කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.