අද (03) මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිය අනුව තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් කළ යුතු වනවා.
අද මැදියම් රැයේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සලකනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
sinhala news
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකුට පහර දුන් සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ පැවසුවේ නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහර දී ඇති බවයි.
නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පසුගියදා පහර දී තිබුණා.
පහර කෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක්.
එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී තිබෙනවා.
සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසනවා.
අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන්තොටුපොළේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද (03) විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
කෙසේනමුත් මෙම සෝදිසි මෙහෙයුමේදී කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි ගුවන්තොටුපොළ විවිධ ආරක්ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ.
අද (03) උදෑසන 11.26 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එම ගුවන් යානය තුළ කාෂ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන ත්රස්තවාදීන් 6 දෙනෙකු සිටින බවට ලද තොරතුරක් මතයි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ.
එසේම පැමිණෙන පිරිසගේ ගමන් බලපත්‍ර අංක, ඡායාරූප කිසිවක් ගුවන්තොටුපොළ වෙත එවා නොමැති, අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ.
එමෙන්ම සැක කටයුතු පිරිස 06 දෙනෙක් හෝ නැතිනම් 07 දෙනෙකු ලෙස නිශ්චිතව කිව නොහැකි බවටත් කටුනායක ගුවන්තොටුපොළ වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ වෙත ලද පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් යුධ හමුදා, සිවිල් ආරක්ෂක සේවා සහ බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව, ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබූ අතර එහිදී සැක කටයුතු කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වේ .
තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) වියට්නාමය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇති අතර ජනාධිපති අනුර කුමාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දක්වා ඇත්තේ පොරොන්දු වූ පරිදි මැයි 03 වන දින රාත්‍රි 7.30ට ස්වර්ණවාහිනි හා මැයි 03 වන දින රාත්‍රි 10.30ට දෙරණ නාලිකාවේ සජීව සාකච්ඡාවට එක්වන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වී ඇත්තේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං ගේ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා හෙට දිනයේ (04) සිට මෙම මස 06 වැනිදා දක්වා වියට්නාම ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයට ලක්ෂ 70ක් වියදම් කළා කියපු කතාව සම්පූර්ණ බොරුවක්
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක ඊයේ පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් නමුත් ඒ බොරුව පදනම් කරගෙන ඔහු කී ලෙසට ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපෘතිය සඳහා වියදම් කරනු ලැබුවේ රුපියල් ලක්ෂ 09ක් පමණක් බවත් එම ගෙවීම් ද තවම සිදුකර නැති බවත්ය.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයේ දී සංගීත් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 02ක්, ගීතය නිර්මාණය කිරීමට ලක්ෂ 7ක්, වෙබ් අඩවිය සඳහා ලක්ෂ 21ක්, ආරම්භක උත්සවයට කැඳවාගෙන පැමිණි නිරූපිකාවන් සඳහා රුපියල් පහළොස් දහස බැගින් මුදලක් වියදම් කළ බවත් සමස්ත වියදම ලක්ෂ 70ක් බවත් චාමර සම්පත් දසනායක ඊයේ ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දෙමින් ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දි මෙසේ පැවසුවේය.
” ක්ලීන් ශ්‍රි ලංකා සමාරම්භක ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 70ක් වියදම් කළා කියලා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ සභාගර්භයේ දී කළ සත්‍ය නොවන ප්‍රකාශය සම්බන්ධයෙන් සමහර මාධ්‍යවල පලවෙලා තිබුණා.”
මම කියන්න කැමතියි ඒ ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 70ක් වියදම් කරලා නෑ. ගෙවීම් හැටියට අනුමත වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 09ක් පමණයි. ඒ ගෙවීමත් තාම සිදුකරලා නෑ. ඒක නසා ඒ නම කියපු සංගීත ශිල්පියාට හෝ ගීතය ලියන්නට හෝ වෙබ් සයිට් එක හදන්නට හෝ අර කියපු සංඛ්‍යාලේඛන සියල්ලම බොරු. සියල්ලම පදනම් විරහිතයි. ”
” සම්ප්රදායක් හැටියට මේකට කෝටෙෂන් කැඳවලා තිබුනා. ඒ මන්ත්‍රීවරයා වරද්දගෙන තිබුණෙ කෝටේෂන් පිළිබදව. ඒව මිල වැඩි නිසා ලබා ගත්තේ නෑ. ඒ නිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 09කට වඩා ශතයක්වත් රජයෙන් වියදම් කරලත් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ කරපු ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් කියලා මම කියන්න කැමතියි. ඒ වියදම් වාර්තාව සම්පූර්ණ බොරුවක්. මේ ව්‍යාපෘතිය සදහා ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 09කට වඩා රජය මගින් වියදම් කරලා නෑ කියන එක මම මේ සභාව හමුවේ කියනවා. ”
” ඒ නිසා මේ කරුණ පදනම් කරගෙන එතුමාට ඉල්ලා අස්වෙන්න උවමනාවකුත් නෑ. ඉල්ලා අස්වෙන්න ඕන නෑ. එතුමා ඉන්ඩ. ඒ කියපු ප්‍රකාශය බොරු. ”
විදේශ ණය ආපසු ගෙවීම කල් දමා ගැනීම පිළිබඳව විශාල ප්‍රචාරයක් ගෙන යන රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව මේ රටේ ජනතාව මත එල්ල කර තිබෙන ව්‍යවසනකාරී බලපෑම පිළිබඳව දත්ත සහිත තොරතුරු රැසක් හෙළි කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් අරමුදල, ලෝක ආහාර වැඩ සටහන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් වරින් වර මේ පිළිබඳව සවිස්තර වාර්තා ඉදිරිපත් කර තිබිණි. ඒ අතරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු මෙරට ආර්ථික විශේෂඥයින් පිරිසක් විවිධ අවස්ථාවල දී කරුණු හෙළි කර තිබිණි.
මේ අතරට අලුතින් ම එක් වී තිබෙන්නේ දිවයින පුවත්පතේ මාධ්‍යවේදී සමීර කන්නන්ගර 07 වෙනි ඉරිදා එම පුවත්පතට මහාචාර්ය වසන්ත අතුකෝරල සහභාගී කර ගනිමින් පළ කර තිබෙන ලිපියයි. “වැල් පාලමෙන් ටයිටැනික් නැවට නැග්ග ජනතාව උද්ධමනයේ ගිලෙයි“ යන සිරස්තලයෙන් කරුණු සහිතව විස්තර හෙළි කර තිබේ. ඒ සම්බන්ධයෙන් සාරාංශයක් පහත දැක්වේ.
“ආර්ථිකය නැවත යථා තත්වයට ගන්න 108%ක පඩි වැඩිවීමක් අවශ්‍යයි“
“60.5%ක මාසික ආදායම පහළට“
“91%ක මාසික වියදම ඉහළට“
“රටේ පවුල්වලින් 22%ක් ම ණයකාරයන්“