වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
sinhala news
අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (24) පස්වරුවේ ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබෙනවා.
දේහය 25 වන ඉරිදා පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන අතර අවසන් කටයුතු 26 වන සඳුදා, සවස නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවා.
මියයන විට ඇය 78 වන වියේ පසු විය.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් අද (24) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ඔහුගේ මෙම සංචාරය අතරතුරදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී හමු වූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
අද (17) ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කෙසේනමුත් මේ හේතුවෙන් ඊයේ (16) දිනයේත්, රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොකෙරුණු අතර බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසන්නේ.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාරගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තබා තිබෙනවා.
කඩුවෙල පොලීසිය පැවසුවේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙලෙස නිල මැදිරිය මුද්‍රා තබා ඇති බවයි.
කෙසේනමුත් ලබන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාරට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති අතර මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.
චාණිමා විජේබණ්ඩාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අනුකූලවයි මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා ඇත්තේ.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවයි.
මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන අතර ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු බවයි එම නිවේද්නයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ අංක තහඩුවල පවතින හිඟයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28 වැනිදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන අතර නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගනු ලබනවා.
ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතිනවා.
වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් යොදවා තිබෙනවා.
දිවයින පුරා දන්සැල් 8,894ක් ලියාපදිංචි කර තිබූ බවත් ඉන් දන්සැල් 8ක් සෞඛ්යාරක්ෂිත නොවන බැවින් වසා දැමීමට පියවර ගත් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම සෞඛ්‍ය අඩුපාඩු සහිත දන්සැල් 17ක් සඳහාද උපදෙස් නිකුත් කර තිබෙනවා.