ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.
ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ආරක්ෂක හේතූන් මත බවයි වාර්තා වන්නේ.
කෙසේනමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දු – පකිස්තාන යුද ගැටුම් සමඟ අද (08) උදැසන පාකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා වී ඇති බවයි.
sinhala news
ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් මේ පිළිබඳව නිවේදනය කර තිබුණා.
“හැමෝටම ආයුබෝවන්, මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව දැන්වීමට කැමතියි. සුදු ඇඳුමින් මගේ රට නියෝජනය කිරීමට ලැබීම ලොකු ගෞරවයක්. මේ වසර පුරාම ඔබ ලබා දුන් ආදරය සහ සහයෝගයට ස්තූතියි. කොහොම වුණත් මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් එක්දින තරඟවලට සහභාගී වෙනවා.”
මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන ඔහු තම වෘත්තීය ජීවිතයේ දෙවන භාගයේදී ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් පිතිකරුවා වූ අතර, ටෙස්ට් 67 කදී ශතක 12 ක් සහ අර්ධ ශතක 18 ක් සමඟින් ලකුණු 4301 ක් ලබා ගෙන තිබීම විශේෂත්වයක්.
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්රය ඇතුළු කෙටිකාලීව ප්රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) යන මහත්වරුද මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැයි මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද (07) පෙරවරුවේ කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඉන්දීය සන්නද්ධ හමුදාව අද (07) අලුයම පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මිසයිල ප්‍රහාරවලින් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
කෙසේනමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ත්‍රස්තවාදී සංවිධාන කිහිපයක බළකොටු තිබෙන බවයි.
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ මෙම ප්‍රහාර මාලාව අද (07) අලුයම 1.44 ට පමණ එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.
ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇති බවයි වාර්තා වන්නේ.
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) රෝමයේ වතිකානුවේදී පැවැත්වීමට නියමිතයි.
අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන අතර මෙවර තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ 267 වන පාප් වහන්සේයි.
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
කෙසේනමුත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (07) උදෑසන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟහැර සිටි පසුබිමක හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.
මැතිවරණ නිහඬ කාලය තුළ තම ආධාරකරුවන් ප්රචාරක කටයුතුවලට පෙළඹවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ පැවසුවේ, තම ප්‍රකාශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදහස් නොකළ බවයි.
එමෙන්ම තමන් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇත්නම් මැතිවරණ කොමිසමට ඊට අදාළ නීතිමය පියවර ගත හැකි බවත් ඇය එහිදී අවධාරණය කළා.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (06) පස්වරු 04.00ට අවසන් වුණා.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සිදුකෙරුණා.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කර ඇති අතර මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා
ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.
ලෝක බැංකු සභාපති අජේ බංගා හෙට (07) මෙරටට පැමිණීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි සභාපතිවරයා මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ.
ලෝක බැංකු සභාපතිවරයෙකු වසර 20 කට පමණ පසු මෙරටට පැමිණීම විශේෂත්වයක් වන අතර සභාපතිවරයාගේ මෙම සංචාරයේදී රැකියා නිර්මාණයට සහාය වීම, පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථිකයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.