ලෝක බැංකු සභාපති අජේ බංගා හෙට (07) මෙරටට පැමිණීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි සභාපතිවරයා මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ.
ලෝක බැංකු සභාපතිවරයෙකු වසර 20 කට පමණ පසු මෙරටට පැමිණීම විශේෂත්වයක් වන අතර සභාපතිවරයාගේ මෙම සංචාරයේදී රැකියා නිර්මාණයට සහාය වීම, පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථිකයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
sinhala news
වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) දහවල් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ වියට්නාම රජයේ විශේෂ ගුවන් යානයකින්.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වූ අතර ජාතික සංවර්ධනයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍රත්වය සහ මහඟු සහයෝගය ඉදිරියේදී ද වඩා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට එහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං හමු වී තිබෙනවා.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. තවද එහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
2025 පළාත් පාලන මැතිවරණය අද (06) පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද පෙරවරු 07.00ට ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිත අතර එය පස්වරු 04.00ට අවසන් වීමට නියමිත බවයි.
එමෙන්ම මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණයේ ආරක්ෂාක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000ක් රාජකාරියේ යොදවා ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂ 25,000ක් යොදවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මීට සුළු මොහොතකට පෙර මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළදීයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අද (03) ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.
ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ.
ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ, ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයක් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තෙරපීම හේතුවෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වන්නේ.
ගෝවේ නගරයේ කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුරදී බැතිමතුන් රැඳී සිටි පෝලිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
තෙරපීමෙන් තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහා ඇමති සිය ශෝකය පළ කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ හෙට (04) දිනයේදීද ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.
ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.