බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර, මොඩල්ෆාම් හංදිය සහ ඩී. එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් මෙලෙස රථවාහන ධාවනය සීමා කර ඇති බවයි.
එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අද (17) සිට දින 20 ක කාලයක් ගත වන බව කොළඹ නගර සභාව පවසනවා.
ඒ අනුව කොළඹට ඇතුළු වන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එම මාර්ගයේ රථවාහන ගමනාගමනය 2024.08.17 වන දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැළසුම් දෙකක් යටතේ ක්රියාත්මක කෙරෙනු ඇති.