ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයෙකු වන බොට්ස්වානාවේ පතලකින් දැනට හමු වී ඇති ලොව දෙවන විශාලතම දියමන්තිය සොයාගෙන තිබෙනවා.
කැරට් 2,492 කින් යුතු මෙම දියමන්තිය බොට්ස්වානා හි කැනේඩියානු පතල් සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් කෝපරේෂන්ට අයත් පතලකින් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියට පසුව සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය ලෙසයි සැලකෙන්නේ.